ලක් දිවයිනේ අති මහත් බල සම්පන්න ම පුද්ගලයා නම් ජනරජයේ ජනාධිපතිඳු ය. එතුමන්-ගේ තෙරක් නැති බලය යොදා ගනිමින් දිවයිනේ ධනවත් ම පුද්ගලයා වීමේ වරම ද එතුම-න්ට ලැඛෙන්නේ ය. ඒ ධනයෙන් එතුමන් හට තම විරුද්ධ පාර්ශ්වයින් මිලට ගැනීමටත් එයින් නොනැවතී එම විරුද්ධවාදීන් නිහඬ කර දමමින් සදා කල්හි ම බලයේ හිඳීමටත් හැකි ය. එතුමන් රාජ බල රාජ තෙජ ඇති රජෙකි.


‘’රජෙකු සිටින තැන ඝාතකයෙක් ද සිටින්නේ ය. ඒ ජනධිපතිඳුන්ගේ දෛවඥ ජුවානි-ස්ගේ අනතුරු ඇඟවීම යි. ජනිපතිඳුන්ගේ ඝාතකයින් මතුවන්නේ කවදා ද කොතැනදී ද ආ-දි ලෙස හරි හැටි ම අණාවැකි පළ කිරීමට ජුවානිස්ට නොහැකි වුවත් ජුවානිස්ගේ පුතු ධ-නුෂ් විසින් නිර්මාණය කරන ලද ජ්‍යෝතිෂ්‍ය දින දර්ශනය මගින් රජුගේ ඝාතකයින් ප්‍රහාර එල්ල කරන්නේ කවදා කොයි වෙලාවේ කොතැනක දී ද යන්න කිරි ගහට ඇන්නා සේ ප්‍රකාශ කිරීමට හැකි ය. අනාගතය ගැන පරිපූර්ණ දැනුම කිසිදු පෘතග්ජනයෙකු ග්‍රහණය ක-ර නොගත යුතු හෙයින් තම පුතුන්ගේ  ’’භයංකර ඥාන”” අන් අයට හෙළි කිරීම ජුවානිස් විසින් තහනම් කෙරෙයි. එහෙත් තම පියාණන්ට එරෙහි ව යමින් ධනුෂ් ‘’රජ සහ ඝාතකයා” පොත ලියමින් රටේත් රජුන්ගේත් අනාගතය වැසියන්ට හෙළි කොට සිටියි.


‘’රජ සහ ඝාතකයා” පත් වන්නේ පාඨකයින් අතලොස්සක් අතට පමණක් හෙයින් එ--ය ඛෙහෙවින් ගුප්ත වූ ග්‍රන්ථයක් ලෙස ලක් වැසියන් අතර ආන්දෝලනයට ලක් වෙනු ඇත-. එය කියැවූ කිහිප දෙනා ද එහි ලියැවී තිබූ අනාගත ඥානය රහසක් සේ තබා ගනු ඇත. ඇතැමුන් එහි ඇතැම් පිටු ඉරා දමනු ඇත. පොත් තුනක් හැරුණු කල සියලු ම පිටපත් වි-නාශ කර දැමෙනු ඇත.


‘’එළඹෙන හතලිස් වසර තුළ ලංකා දිවයිනේ දේශපාලනයේ ගුප්ත ප්‍රපංචයන් සූක්ෂ්ම ලෙස ප්‍රබන්ධකරණයකට ලක් කෙරෙන රජ සහ ඝාතකයා අපූර්ව අනාගතාත්මක නවකතා-වකි. ඉතා තීක්ෂණ ලෙස ජීවය ලබනා චරිත මුහුණ දෙන නාට්‍යාන්විත අවස්ථා ගොඩ න-ගමින් චන්ද්‍රසේකරම් විසින් රචනා කෙරුණු රාජ්‍ය බල අපයෝජනය පිළිබඳ මේ අන්දරය ලංකාවෙන් එපිට දේශාන්තරවල පාඨකයන්ට පවා ප්‍රඥාලෝකයක් ලබා දෙනු ඇත. කාව්‍ය හ-ා ගීත මෙන් ම අධ්‍යාත්මීය භක්ති සංකල්ප ද, වරින් වර මතු කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්-ථවාදී ජවනිකාවන් ද අපූර්ව ලෙස සංකලනය කෙරුණු මේ කතාන්දරය ඔබගේ අවධානය පැය ගණන් නොකඩවා තබා ගනු ඇත..”” - අයිරීනා ඩන්, අධ්‍යක්ෂිකා, ඔස්ටේ්‍රලියානු ලේඛ-ක සංසදය.


“රජ සහ ඝාතකයා” 2015 ෆෙයාර්වේ සාහිත්ය උළෙලේ සිංහල හා ඉංග්රීසි භාෂා අංශ 2න්ම හොඳම නවකථාවට හිමි සම්මානය ලැබීමට නිර්දේශ විය.


පොත් හල http://www.vijithayapa.com/product/search/1121342452514171505252092318314



රජ සහ ඝාතකයා ගී තැටියේ  ගීත අසන්න